ජාතික ශිෂ්‍ය වීර දිනය 2023
ජුනි 20 දිනට යෙදී ඇති ජාතික ශිෂ්‍ය වීර දින සැමරුම නිමිතිකොටගෙන සමාජවාදී ශිෂ්‍ය සංගමයේ, සිසු විරු සමරුව ” ඔවුන් සටන් වැදුනේ ඔබ වෙනුවෙනි!” තේමාවෙන් 2023 ජුනි 20 දින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙම සිසු විරු සමරුව සඳහා සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ආරාධනයෙන්, අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු එච්.බී හේරත් සහෝදරයාගේ නැගණිය වන සීතා හේරත් සහෝදරිය සහ සමාජවාදි ශිෂ්‍ය සංගමයේ හිටපු ජාතික සංවිධායක ආනන්ද ඉඩමේගම සහෝදරයාගේ නැගණිය වන සුනේත්‍රා ඉඩමේගම සහෝදරිය ඇතුළු පිරිසක් එක්වී සිටියහ.
සමරු දේශන පිළිවෙලින්, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය සහෝදරයා විසින්, ආචර්ය දේව මයිකල් ද සිල්වා මහතා විසින් සහ ප්‍රධාන දේශනය ජනතා ව්මුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා විසින් සිදු කරන ලදී.
“නොනිමි මෙහෙවර” ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ වැඩසටහන යටතේ පාසල් සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමද මෙහිදී සිදු වූ අතර සිසු විරු ගීතයක් එළිදැක්වීමද සිදු කෙරිණි. විරු සිසු සමරුව අවසානයේ සමරු ගී ප්‍රසංගයක්ද පැවැත්විණි.
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/353832963_687052886796744_6849458963622244163_n-1024x683.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/353399949_687074660127900_5407766939594170200_n-1024x1001.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/352656267_687075936794439_4636818354383378334_n-1024x618.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/355295192_687076643461035_5151149646139706691_n-1024x610.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/353394255_687059726796060_1548999199008127520_n-1024x683.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/353809624_687755433393156_4926082433853182614_n-1024x684.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/355121911_687054340129932_9176678232411276451_n-1024x683.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2024/01/355650745_687055566796476_2608643937843849501_n-1024x664.jpg)