new updates

ග්‍රීක කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සංවිධානය වන Communist Youth of Greece (KNE) සංවිධානයේ 49 වන තරුණ උළෙල සැප්තැම්බර් 21, 22 සහ 23 යන දිනවලදී ග්‍රීසියේ ඇතෑන්ස් නුවරදී පැවැත්වේ. මෙම තරුණ උළෙල සඳහා සමාජවාදී ශිෂ්‍ය සංගමය සහ සමාජවාදී තරුණ සංගමය නියෝජිනය කරමින් ඉන්දික රුවන් සහෝදරයා සහ නිරෝෂ් චන්දිම සහෝදරයා සම්බන්ධ විය.

ලංකාවේ කම්කරු අයිතිවාසිකම් කප්පාදු කරමින් සහ ප්‍රජාතන්ත්‍රවාදය හකුළමින් ආණ්ඩුව ගෙනයන ක්‍රියාමාර්ගවල පිළිබඳව ජාත්‍යන්තර ශිෂ්‍ය, තරුණ සංවිධාන දැනුවත් කිරීමටද අප නියෝජිතයින් එහිදී කටයුතු කරනු ලබන ජාත්‍යන්තර වාමාංශික ප්‍රගතිශීලී ශිෂ්‍ය හා තරුණ සංවිධාන සමග ඇති සබඳතා සහ සහයෝගිතා වර්ධනය කරගැනීම ද අපේක්ෂිතය.

මෙම උළෙලට සමගාමීව “වර්ධනය වන අධිරාජ්‍යවාදී යුද්ධ සහ ධනේෂ්වර සූරාකෑම හමුවේ වැඩකරන ජනතා ජාත්‍යන්තරවාදයේ වැදගත්කම” මැයෙන් පැවති සම්මන්ත්‍රණයේ අදහස් දැක්වීම සහ ග්‍රීක කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන වලට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සහ සමාජවාදී තරුණ සංගමයේ සුබපැතුම් එක් කිරීමද එම සහෝදරවරුන් විසින් සිදුකරන ලදී.