ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනය
ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ මහා මණ්ඩල සැසිවාරය
2023 May
ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ මහා සභා රැස්වීමට සහභාගී වීමට ලොව පුරා තරුණ නායකයින් කියුබාවට පැමිණේ.
2023.05.24 දින සිට 2023.05.28 වන දින දක්වා ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ මහ සභා රැස්වීම සහ ඊට සමගාමීව කියුබානු සහයෝගීතා වැඩසටහනක් පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය සහෝදරයාත්, ජාතික කමිටු සාමාජිකා කල්පනා මධුභාෂිණී සහෝදරියත් , සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයාත් සම්බන්ධ වේ.
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/349110524_2118664134999790_1499196378318422745_n-2-1024x819.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/349132178_1049116862743499_4482358269401338111_n-1-1.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/349132178_1049116862743499_4482358269401338111_n-2.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/349269938_238662698787892_8260590451716068062_n-2-768x1024.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/349300196_733554351792899_4179767645297570675_n-3-1024x833.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/349848870_803877068053442_860302437200130873_n.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/349511793_909828510318304_4615734965394372642_n.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/349524486_788586899560331_888404174288512621_n.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/349171515_242138868418317_3920854166645047526_n-1.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/349661196_816511773365819_5800856868070683167_n.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/349517338_1012504540162863_1369731982747911029_n-1.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/349527489_1267505730819209_8791998839811900443_n-1.jpg)
කියුබාවේ ආර්ථික, සාමාජීය, දේශපාලනික තත්වය සහ සම්බාධක හමුවේ රට ලබා ඇති ජයග්‍රහණත්, ඒ අතර තවමත් කියුබානු ජනතාවට මුහුණ දීමට සිදුව තිබෙන දුශ්කරතා පිළිබදවත්, එම දුශ්කරතා මඟහරවා ගැනීම වෙනුවෙන් කියුබාව මේ වන විටත් ඉදිරියටත් ගැනීමට නියමිත ක්‍රියාමාර්ග ගැන කියුබානු කොමියුනිට්ස් පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජික ඕමාර් රෆයෙල් ගර්සියා ලාසෝ සහෝදරයා සමග සාකච්ඡාවක් පහුගියදා සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය සහෝදරයත්, ජාතික කමිටු සාමාජිකා කල්පනා මධුභාෂිණී සහෝදරියත්, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයාත් සමග පැවැත්විණි.
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/350119118_209970185215225_1059118402725814469_n-1.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/350516687_101692692951959_7240347582296324717_n-1.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/350539322_1087999705491193_5204831041515896730_n.jpg)
පහුගිය මැයි 26 සිට මැයි 28 දක්වා ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ මහා සභා රැස්වීම කියුබාවේ හවානා නඟරයේ දී පැවැත්විනි.
මෙහිදී රටවල් නියෝජනය කරමින් පැමිණි නියෝජිතයින් විසින් සංවාද, සාකච්චා මැද කරුණු 23 කින් සමන්විත දේශපාලන ලියවිල්ලක් සහ කියුබානු සහයෝගිතා ප්‍රකාශයක්ද සම්මත කර ගැනුණි.
තවද ලෙබනනයේ පැවැති පසුගිය ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ සිට මේ සම්මේලනය දක්වා යොදා ගත් වැඩ සම්බන්ධව ද සමාලෝචනයක් කර ගැනුණි.
ඉදිරියේදී ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනය මැදිහත්ව සිදු කරන්න නියමිත කටයුතු සම්බන්ධයෙන්ද සකච්ජා විය.
ඉන්පසු ධනවාදයේ උග්‍ර අර්බුදය විසින් තරූණ්‍යයට සිදු කරන බලපෑම සම්බන්ධයෙන් පැවති ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සදහා සමාජවාදී ශිෂ්‍ය සංගමය සහ සමාජවාදී තරුණ සංගමය වෙනුවෙන් කල්පනා මධුභාෂිණී සහෝදරිය එම සම්මන්ත්‍රණයේ දී අදහස් ප්‍රකාශ කරන ලදී.
සම්මන්ත්‍රණයෙන් පසුව ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ මහ සභා රැස්වීමේ කටයුතු නිළ වශයෙන් අවසන් විය.
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/349819805_1398499304050102_8141404451659875223_n-1.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/349832599_1416349325810874_4876504999199576811_n-1.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/350118090_5998453576932540_1618207542555111650_n-1.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/350248636_1245036692814604_7784478048872983248_n-1.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/350250866_809798814004371_4656351205941816890_n-1.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/350257691_290695916640471_3571219399088342703_n-2.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/350347193_928218651619943_3669977563693202941_n-1.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/350377050_794180358681343_124434300834867406_n-1.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/350458108_1282611462686714_4854822965470468512_n-1.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/350473452_643137827286949_2369914989060228339_n-1.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/350518877_3544138965857560_8639344680319125317_n-1.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/350633586_211056315081275_3188678249046592237_n-1.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/350644664_780908760238582_2490527020554598626_n-1.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/350654317_552455643633224_6325278204635018206_n-1.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/350659464_560106026328379_6009555061749330018_n-1.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/350828809_640622490888477_2829350081750407226_n-1.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/350832963_6382839905087293_2859337229902538782_n-1.jpg)
![](https://ssusrilanka.com/wp-content/uploads/2023/06/350931561_1282918869265810_5904070992669500682_n-1.jpg)