new updates

ආණ්ඩුව නිදහස් අධ්‍යාපනයේ සොහොන් කොතට මුල්ගල තියනවා

– සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස සහෝදරයා –

සාමාන්‍යයෙන් ලෝකයේ පිළිගැනීමක් තිබෙනවා නොවැම්බර් මාසය මළවුන්ගේ මාසය කියලා. ආණ්ඩුවේ එළඹෙන නොවැම්බර් මළවුන්ගේ මාසයේදී නිදහස් අධ්‍යාපනයේ මළගම සිදුකරන්න කටයුතු කරමින් ඉන්නවා. අවුරුදු 70ක් පමණ කාලයක් තිබුණ නිදහස් අධ්‍යාපනය වළදාලා නිදහස් අධ්‍යාපනයේ සොහොන් කොත ඉදිකරන්න එංගලන්තයේ ඔටුන්න හිමි චාල්ස් කුමාරයාට ආණ්ඩුව ආරාධනා කරලා තිබෙනවා. ඒ සඳහා ආණ්ඩුව මීරිගම ආයෝජන කලාපයෙන් අක්කර 120ක ඉඩමක් වෙන්කරගෙන පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ඉදිකරන්න මුදල් ගල තියන්න හදනවා.

2009 අගෝස්තු 27වන දින එම ඉඩම කර්මාන්ත ශාලාවක් ඉදිකරන්න චීන සමාගමක් වෙත බදුදී තිබුණා. නමුත් චීන සමාගම එම ඉඩම අත්හැරදැමූවා. පසුගිය දෙසැම්බර් මාසයේදී බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් පත‍්‍රිකාවක් මගින් එම අක්කර 120ක ඉඩම 99 අවුරුදු බදු යටතේ මධ්‍යම ලැන්කසර් විශ්වවිද්‍යාලයට අපේ රටේ විශ්වවිද්‍යාලයක් ඉදිකරන්න අනුමැතිය ලබාදුන්නා. මේ වසරේ මැයි 17වෙනිදා ආර්ථික සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළා. පසුගිය පෙබරවාරී මාසයේ ක‍්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කරලා මීරිගම නිදහස් වෙළෙද කලාපය තුළ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ඉදිකරන්න අවසර දීලා තිබෙනවා.

1977 සිට විවිධ ආණ්ඩු පෞද්ගලික විශ්වවිද්‍යාල හදන්න උත්සාහයන් දැරුවා. ඒ උසස් අධ්‍යාපන අමාත්‍යංශයට අනුබද්ධවයි. නමුත් දැන් ආණ්ඩුව කරන්න හදන්නේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හරහා අධ්‍යාපනය විකුණන්නයි. ඩොලර් මිලියන 100ක් වියදම් කරලා සිසුන් 10,000කට අධ්‍යාපනය ලබන්න පුළුවන් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් හදනවා කියලා ආණ්ඩුව කියනවා. මේ කරන්න යන්නේ උපාධි විකුණලා ලාභ ගන්න වැඩක්. මීරිගම නිදහස් වෙළෙද කලාපය තුළ තිබෙන්නේ භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා. අධ්‍යාපනයට සුදුසු පරිසරයක් එම ප‍්‍රදේශයේ නැහැ. ආණ්ඩුව හදන්න යන්නේ උපාධි විකුණන පැක්ටරියක්.

ක‍්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ජේමිස් පැකර්ගේ කැසිනෝ ව්‍යාපෘතියට ලබාදී ඇති බදු සහන සියල්ල මෙම පෞද්ගලික විශ්වවිදයාලයටත් ලබාදී තිබෙනවා. වසර 20ක් යනතෙක් ආදායම් බදුවලින් නිදහස් කොට තිබෙනවා. එතැන් සිට වසර 10ක් යනතෙක් ආදායම් බද්දෙන් 25%යි අයකරන්නේ. රැඳවුම් බද්ධ මුළුමනින්ම නිදහස් කොට තිබෙනවා. ලාභාංශ මත බද්ධ වසර 16ක් නිදහස්. ආනයන සහ දේශීය භාණ්ඩ සඳහා බද්ද අවුරුදු 20ක් නිදහස්. ආනයනික භාණ්ඩ සඳහා වරාය හා ගුවන්තොටුපළ බද්ධ වසර 10කට නිදහස්. අරමුදල් බද්ධ වසර 10කට නිදහස්. රේගු බදු නිදහස්. මේ ආකාරයෙන් විශාල බදු නිදහසක් දීලා උපාධි විකුණන කඩයක් දාන්න තමයි යන්නේ.

එපමණක් නොවෙයි. ආණ්ඩුව සැලසුම් කොට තිබෙනවා අධ්‍යාපන නිදහස් කලාප හම්බන්තොට, පුත්තලම, කිලිනොච්චිය, ති‍්‍රකුණාමලය, නුවර යන ප‍්‍රදේශවලත් ව්‍යාප්ත කරන්න. මේ ආකාරයට එළඹෙන නොවැම්බර් මාසයේ ඉතිහාසයේ පළමු වතාවට අධ්‍යාපනය විකුණන අධ්‍යාපන නිදහස් කලාප ඇති කරන්න යනවා. මේ හදන විශ්වවිද්‍යාලවල රටේ සාමාන්‍ය නීතිය කි‍්‍රයාත්මක වන්නේ නැහැ. සාමාන්‍යයෙන් 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත අපේ රටේ ඕනෑම විශ්වවිද්‍යාලයකට අදාල වෙනවා. නමුත් වෙළෙඳ කලාප තුළ ඉදිකරන පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එම නීති අදාල වන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුව මේ සිදුකරමින් තිබෙන්නේ මුදල් ඉපයීම වෙනුවෙන් අධ්‍යාපනය විකුණන තැනකට ගමන් කිරීමයි.

මෙම විශ්වවිද්‍යාලවල උපාධිය ලක්ෂ 65-100 අතර මිලක් වෙනවා. ආණ්ඩුවට ඇත්තටම අධ්‍යාපනය දියුණු කරන්න උවමනා නම් පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට වියදම් කරන මුදලින් 10%ක් වෙන් කර රාජ්‍ය විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්න පුළුවන්. එම 10% මුදලින් පේරාදෙණිය වැනි විශ්වවිද්‍යාලයක් ආරම්භ කරලා සිසුන් දසදහසක් ඇතුළත් කරගන්න පුළුවන්කම තිබෙනවා. වර්තමානයේ උසස් පෙළට ඒ සාමාර්ථයන් තුනක්, දෙකක් ලබාගත් විශාල පිරිසක් ඉන්නවා විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්න අවස්ථාවක් නොමැතිව.

ආණ්ඩුව ලබන නොවැම්බර් මාසේ හදන්න යන අධ්‍යාපන කලාපත් ජේම්ස් පැකර් හදන්න යන කැසිනෝ කලාපයත් අතර කිසිදු වෙනසක් නැහැ. මේ දෙකෙන්ම කරන්නේ රටේ ශිෂ්ඨාචාරය විනාශ කරන එකයි.

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබෙන කොතලාවන ආරක්ෂක විද්‍යා පීඨය මගින් යුද සමයේ හමුදාවට අවශ්‍ය කරන වෛද්‍යවරු, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන් බිහිකළා. නමුත් දැන් එතරම් උපාධිධාරීන් පිරිසක් යුද හමුදාවට අවශ්‍ය වන්නේ නැහැ. යුද්ධය අවසන් වූ පසුව ආණ්ඩුව කළ යුතුව තිබුණේ එය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට පවරාගෙන තවත් සිසුන් ප‍්‍රමාණයකට අධ්‍යාපන අවස්ථා හදලා දෙන එකයි. නමුත් දැන් ආණ්ඩුව කොතලාවල විද්‍යාපීඨ