new updates

ග්‍රීසියේ කොමියුනිස්ට් තරුණ සංවිධානයේ 13 වන සමුළුව

2023 February

පෙබරවාරි මස 10,11 සහ 12 තෙදින තුළ ග්‍රීසියේ ඇතැන්ස් නුවරදී ග්‍රීසියේ කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සංවිධානය වන ග්‍රීසියේ කොමියුනිස්ට් තරුණ සංවිධානයේ 13 වන සමුළුව පවත්වන ලද අතර ඒ සඳහා සමාජවාදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක රංගන දේවප්‍රිය සහෝදරයාද සහභාගී විය. මෙම සමුළුවට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සහ සමාජවාදී තරුණ සංගමයේ සුබ පැතුම් එක් කිරීමත් සහභාගී වූ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන වල නියොජිතයින් සමග ද්විපාශර්වික සාකච්ඡා පැවැත්වීමත් සිදුකරන ලදි. ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනය ඇතුලු ජාත්‍යන්තර සංවිධානය බොහෝමයක නියෝජිතයින් මෙම අවස්ථාවට සම්බන්ධ විය.